දේශීය

වීදුරු බෝතලයකින් කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කුරුණෑගල නගරයේ හෝටලයක් තුළ ඇති වූ ආරවුලක් අතරතුර වීදුරු බෝතලයකින් කළ පහරදීමකින් එම හෝටලයේ සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 58 හැවිරිදි දේවහූව ගලේවෙල පදිංචිකරුවෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

හෝටලයට පැමිණි පුද්ගලයකු එහි සේවකයින් සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර එහිදී ඔහු කළ පහරදීමෙන් තවත් සේවකයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?