දේශීය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක්

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර යන පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 වන දා සිට 14 වන දා දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී.

තෙල්වත්ත,බද්දේගම, දෙදියවල, මුලටියන, අගුණකොලපැලැස්ස සහ උඩමලල යන ප්‍රදේශවලට අද දින දහවල් 12:13 ට හිරු මුදුන්ව පවතී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *