Latestදේශීය

සියල්ල පසෙකලා ගොවීන්ට ඉන්ධන ලබා දිය යුතුයි- කෘෂි ඇමති

සියල්ල පසෙකලා ගොවීන්ට පළමුව ඉන්ධන ලබා දීම කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දිවයිනේ සියලු ගොවි සංවිධාන නායකයින් සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් (23) කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්වූ අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙ බව පැවසීය.

සහල් ආනයනය නතර කිරීමට කැබිනට් මණ්ඩලයේදී මෙන්ම අවස්ථා කිහිපයකදී තමා පැවසූ බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ භාවිත නොකරන කෘමිනාශක යෙදූ සහල් මෙලෙස ආනයනය කරන බව පවසන අමාත්‍යවරයා, රටේ ප්‍රමිතියෙන් යුතු සහල් පවතින බවත් පැවසීය.එම සහල් ලබා දීමට ගොවීන් එකඟතාවය පළ කළ බවද හෙතෙම කියා සිටී.

ගොවීන් ඉන්ධන හිඟකමින් පීඩා විඳින බවත් සියල්ල පසෙකලා ගොවීන්ට පළමුකොට ඉන්ධන ලබා දීම කළ යුතුව තිබූ බවත් ඒ සම්බන්ධයෙන් තමා එම නිලධාරීන් සමග සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.ගොයම් කැපීම ප්‍රමාද කිරීම සිදු කළ හැකි දෙයක් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වැඩිදුරටත් සඳහන් කළේ ගොවියාට ලබා දෙන දෙයට වඩා වැඩි දෙයක් ඔවුන්ගෙන් ලැබෙන බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?