දේශීය

ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීම අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබේ.

නිව්යෝක් නුවරදී සමුළුව ඊයේ (21) ආරම්භ වුයේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙවර එහි තේමාව වන්නේ “කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්නයි.

සමුළුවට සමගාමීව හෙට (23) පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ අනිද්දා (24) පැවැත්වෙන බලශක්ති පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දැක්වීමට නියමිතය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?