අදත් ප්‍රදේශ රැසකට වැසි
නිරිතදිග මෝසම තත්ත්වය සක්‍රියවීම හේතුවෙන් නිරිතදිග කොටසේ වැසි තත්ත්වය වැඩිවීමක් අද (25) අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව , මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 වැඩි වැසි ඇතිවිය හැකි බව සඳහන් කර ඇත.
නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන කිහිලයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
එසේම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බව ද දන්වා ඇත.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළංවලින් සහ අකුණු හේතුවෙන් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

