දේශීය

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිට කොවිඩ්

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ.

ඊයේ (20) සිදුකළ PCR පරීක්ෂණ වාර්තා අනුව ඒ බව තහවුරු වු බව තලවාකැලේ ලිඳුල සෞඛ්‍ය නිලධාරි ජනත් අබේගුණවර්ධන මහතා පවසයි.

ආසාදිත සභාපතිවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමුකර සිටිය දී සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් අදාළ සභාපතිවරයා රැස්වීම් කිහිපයකට සහභාගී වී ඇති බව අනාවරණය වී තිබේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ කෙසේවෙතත් එම රැස්වීම් සඳහා නුවරඑළිය, තලවාකැලේ ලිඳුල, කොටගල, ආගරපතන, නො(ර්)වුඩ්, මස්කෙළිය හා අඹගමුව යන ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරු හා නගරාධිපතිවරු රැසක් සහභාගී වී ඇති බවට ද තොරතුරු අනාවරණය වු බවයි.

මේ අතර නිරෝධායන උපදෙස් කඩ කරමින්  කටයුතු කළ සභාපතිවරයාට එරෙහිව නුවරඑළිය මහෙස්‍ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන බව සෞඛ්‍ය නිලධාරීවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?