විදේශීය

ඇෆ්ගනිස්තානයේ පල්ලියක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනී

ඇෆ්ගනිස්තානයේ කුන්දුස් නගරයේ පල්ලියක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳ වගකීම අයි.එස් සංවිධානය විසින් භාරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊයේ(08) සිදු වූ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 50කට අධික පිරිසක් මියගොස් ඇති අතර තවත් සිය දෙනෙකු පමණ තුවාල ලැබා ඇති බව වාර්තා වේ.

ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමෙන් පසුව එරට සිදු වූ දරුණුතම ප්‍රහාරය මෙය ලෙස සැලකේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *