දේශීය

ගෑස් මිල ඉහළ දැමීම ගැන අවසන් තීරණය අද

ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (10) දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

මේ අතර ලාෆ් සමාගම ද අද දිනයේ මිල ඉහළ දැමීම සිදුවන ආකාරය පිළිබඳව තීරණයක් ගන්නා බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා සඳහන් කළේය.

ඒ අනුව අද දිනයේ තීරණය කරන නව මිල ගණන් යටතේ හෙට (11) සිට ගෑස් අලෙවි කිරීමට ඔවුන් සැලසුම් කර තිබේ.

ගෑස් සමාගම් විසින් සිදුකළ ඉල්ලීමට අනුව ගෑස් රුපියල් 550කින් ඉහළ දැමීමට පසුගියදා ජිවන වියදම් කමිටුවේ අනුමැතිය හිමි වුවද ඊට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී නොතිබුණි.

අදාළ සමාගම් විසින් දිගින් දිගටම සිදුකළ ඉල්ලීම් මත කිරිපිටි, ගෑස්, තිරිඟුපිටි සහ සිමෙන්ති සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරිම රජය තීරණය කළේය.

ඒ අනුව ආනයනික කිරිපිටි සමාගම් විසින් ඊයේ (09) දිනයේ සිට සිය නිෂ්පාදනවල මිල ඉහළ දෑමීමට තීරණය කර තිබේ.

ආනයනික කිරිපිටි‍ කිලෝග්‍රෑමයේ පැකට්ටුවක් රුපියල් 250කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ දැමූ බව එම සමාගම් සඳහන් කළේය.

ඒ අනුව  කිලෝග්‍රෑමයේ කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1195ක් වන අතර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 480ක් ලෙස ද ඉහළ ගොස් තිබේ.

එමෙන්ම තිරිඟු පිටි ඉහළ දැමීම සම්බන්ධයෙන් හෙට (11) දිනයේ තීරණයක් ගන්නා බව එම සමාගම්වල නියෝජිතයින් පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?