දේශීය

නව මිල ගණන් යටතේ කිරිපිටි අද වෙළඳපොළට

ආනයනික කිරිපිටි නව මිල ගණන් යටතේ අද (11) සිට වෙළඳපොළට නිකුත් කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්‍ෂ්මන් වීරසූරිය මහතා පවසයි.

ඔහු පැවසුවේ කිරිපිටි කිලෝග්‍රෑම් 01 පැකැට්ටුවක් රුපියල් 1,195කට හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 480කටත් නව මිල ගණන් යටතේ අද සිට වෙළඳපොළට නිකුත් කරන බවයි.

බෙදාහැරීම් ජාලය ක්‍රියාත්මක වන බැවින් හිඟයකින් තොරව අද සිට කිරිපිටි තොග වෙළඳපොළට නිකුත් කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?