ක්‍රීඩා

මෙවර IPL ශූරතාවය චෙන්නායි කණ්ඩායමට

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග වට කිහිපක් සාර්තකව අවසන් කළ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම මෙවර IPL ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඒ, ලකුණු 27කින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ආරාධනයමත චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන ලදි.

ඒ අනුව, චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 192ක් රැස් කළේය.

එහිදී ෆාෆ් ඩු ප්ලෙසිස් ලකුණු 86ක් ද මොයින් අලි නොදැවි ලකුණු 37ක් ද රැස් කිරීමට සමත්විය.

ජයග්‍රහනය සඳහා ලකුණු 193 ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට හැකි වූයේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කිරීමට පමණි.

එහිදී ෂුබ්මන් ගිල් ලකුණු 51ක් ද වෙන්කටේෂ් අයියර් ලකුණු 50ක් ද රැස් කළේය.

ඒ අනුව මෙවර අයි පී එල් ශූරතාවය චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම හිමිකර ගත් අතර අයි පී එල් ශූරතාවය ලබාගත් සිව්වැනි අවස්ථාව මෙය බවද වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *