රුසියාවේ ඉල්ලීම ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි
යුක්‍රේනය නේටෝ සංවිධානයෙන් තහනම් කරන ලෙස රුසියාව කළ ඉල්ලීම ඇමරිකා එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්‍රේන අර්බුදය විසඳීම සඳහා රුසියාව සිදුකළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් මේ බව ප්‍රකාශ කර ඇති බවයි.
එම අර්බුදයට රාජතාන්ත්‍රිකව විසදුමක් ලබාදීමට ඇමරිකාව සූදානම් බව ද රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.
රුසියාවේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් නෙටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන් බර්ග් ද ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් නෙටෝ සංවිධානය සහ ඇමරිකාව ඒකාබද්ධව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වන බව රුසියානු අමාත්‍යවරයෙක් ප්‍රකාශ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

