“වැඩ කරන අපේ විරුවා” ගීතයට ජනතා ප්‍රතිචාර
රට පුරා ඉන්ධන සදහා දිගු පෝලිම් දක්නට ලැබෙන අතර ඇතැම් ස්ථානයන් හී එම පෝලිම් කිලෝමීටරයකට වඩා දිගුව මාර්ග දෙපස විශාල තදබදයක්ව පවතිනවා.
ඉන්ධන පිරවුම් හල් වෙත තෙල් බවුසරයක් පැමිණියවිට රතිඤ්ඤා පත්තුකරමින් ජනතාව ප්‍රීති ඝෝෂා කළ අවස්ථා ද මාධ්‍ය හරහා ප්‍රදර්ශනය වුනා.
ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල වාහන නවතා රියදුරු මහතුන් වාහනවලින් ඉවත්ව ගොස් ඇති දර්ශනද මේ දිනවල සුලභ සිදුවීම්.
මේ අතර ඉන්ධන හිඟමනේ යෙදෙන වීඩියෝ දර්ශන ද මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරනය වෙනවා.
එම සිදුවීම් පෙළහි දිගුවක් ලෙස කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන හලක දීර්ඝ පෝලිමක් තිබිය දී ‘වැඩ කරන අපේ විරුවා’ ගීතය ශබ්ද විකාශන යන්ත්‍රයකින් විකාශනය කරන සිදුවීමක් කාගෙත් අවධානයට යොමු වී තිබෙනවා.
හම්බන්තොටින් දේශපාලනයට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මහමැතිවරණයේ දී තරග කරනු ලැබුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. මහින්ද රාජපක්ෂ මහතාට විශාල ජනවරමක් ලබා දුන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව තුළින් මෙවැනි ප්‍රතිචාරයක් සමාජගත වීම විශේෂත්වයක්.