ක්‍රීඩා

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ආසියානු කලාප වෙරළ වොලිබෝල් තේරීම් මීගමුවේදී

2022 ජූලි මස 28 දින සිට අගෝස්තු 08 දින දක්වා එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වීමට නියමිත XXII වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ වෙරළ වොලිබෝල්  ක්‍රීඩා සදහා ආසියානු කලාපීය සුදුස්සන් තේරීමේ තරග 2022 මාර්තු මස 18 සහ 19 යන දිනවල මීගමුව වෙරළ උද්‍යානයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය, ජාතික ඔලිම්පික් කමිටුව සහ ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය මෙම තරගාවලිය සංවිධානය කිරීමට නියමිතව ඇත.

තරගාවලිය සඳහා ශ්‍රි ලංකාව, මැලේසියාව, සිංගප්පූරුව සහ මාල දිවයින යන රටවල් සහභාගීවීමට නියමිතව ඇත.

තරගාවලියේ කාන්තා අවසන් මහා තරගය 2022 මාර්තු මස 19 දින ප.ව. 6.00ට සහ පිරිමි අවසන් මහා තරගය ප.ව. 7.00ට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *