Latestදේශීය

කබ්රාල්‌ට රනිල්ගෙන් සැර ප්‍රතිචාරයක් – ජනපති සමාව ඉල්ලයි.

ඊයේ(23) පැවති සර්ව පාක්ෂික සමුළුවේද රටේ ආර්ථීකය ස්ථායිකරලීම සියලුදෙනාගේම වගකීම බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවා. තම අදහස් දැක්වීමේදී කබ්රාල් මහතා ආර්ථික අර්බුධය උත්සන්න වීම කෙරෙහි පැවති යහපාලන ආන්ඩුව වගකිවයුතු බවට කරුණු ඉදිරිපත් කරන්නට

2015/2019 පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ක්‍රමක්‍රමයෙන් 7% සිට 2% දක්වා කඩාවැටී තිබුනු බවත් විදේශීය ණය ඇමරිකානු ඩොලර් බිලියන 15කින් වර්ධනය වූ බවත් විදේශ සංචිත ප්‍රමාණය ඇ ඩොලර් බිලියන 01කින් පහළ ගිය බවත් පැවසුවා.

එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා පැවසූවේ මෙම අර්බුධය හමුවේ පටු දේශපාලන වාසි ලබාගැනීටම අදහස් නොකළ නිසා මෙම සමුළුවට සහභාගි වූ බවත් පසුගිය ආන්ඩුවල අඩුපාඩු කතා කිරීමට ජනාධිපතිවරයා මෙම සමුළුව කැදවූ බව තමන් නොසිතන බවත්ය.

වත්මන් අර්බුධයට විසදුම් සෙවීම වෙනුවට ගිය ආන්ඩුවල වැරදි කතා කරන්නනම් උත්සාහ කරන්නේ විජය රජතුමා ලංකාවට පැමිණීම නිසා මේ ගැටලු ඇති වුනා කියා අතීතයට චෝදනා කරන්නත් පුලුවන් යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

පසුගිය ආන්ඩුව ගැන කතා කරනවා නම් අපිට කියන්න පුලුවන් අපි කන්න බොන්න දුන්නා. පෙට්‍රල් දුන්නා. පෝලිම් ඇතිකළේ නැහැ වගේ කාරණා. නමුත් අපි ඒවා කතා කරන්න නෙමෙයි මෙතෙන්ට ආවේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ මහබැංකු අධිපති වරයාගේ අදහස් දැක්වීමේ දී  රනිල් වික්‍රමසිංහ මහතාගේ හිත රිදුනා නම් සමාව අයදින බවයි. මෙම සර්ව පාක්ෂික රැස්වීම දේශපාලනික කාරණයක් නොවන බවත් වත්මන් අර්බුධයට කෙටිකාලීන සහ දිගුකාලීන විසදුම් අපේක්ෂාවෙන් හැමදෙනාගේම අදහස් ගැනීමේ අවශ්‍යතාවය මත මෙම රැස්වීම සංවිධානය කළ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?