කච්චතිව් ගන්න මේක තමයි හොදම වෙලාව – තමිල්නාඩු මහඇමති
ශ්‍රී ලංකාව ආර්ථික හා දේශපාලනික වශයෙන් අසීරු අවස්ථාවක සිටින බවත්, දශක ගණනාවකට පෙර ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් කච්චතිව් දූපත නැවත පවරා ගැනීමට නියම අවස්ථාව මෙය බවත් තමිල්නාඩු මහ ඇමැති එම්.කේ ස්ටාලින් පවසා ඇත. මහ ඇමැතිවරයා මේ බව පවසා ඇත්තේ අද තමිල්නාඩුවේ චෙන්නායිහි පැවැති සංවර්ධන සමාරම්භක උත්සවයකදී අදහස් දක්වමිනි.
එම උත්සවයේදී අදහස් දක්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ සමීපතම මිතුරෙකු හා අසල්වැසියෙකු ලෙස ඉන්දියාව මේ අසීරු මොහොතේ ශ්‍රී ලංකාව වෙත මූල්‍ය, ආහාර, ඖෂධ හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් සපයමින් උදව් කරන බවයි.
කෙසේ වෙතත් තමිල්නාඩු මහ ඇමැති ස්ටාලින්ගේ ඉහත කච්චතිව් දූපත සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධව අගමැති නරේන්ද්‍ර මෝදි කිසිදු අදහසක් පළ කර නොමැත.
Lanka Views
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

