සංචාරක ප්‍රවර්ධන සන්නාම තානාපති තනතුර සනත් ජයසූරියට
හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය මහතා සංචාරක ප්‍රවර්ධනයේ සන්නාම තානාපති ලෙස පත්කර තිබෙනවා. සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.
පසුගිය කාලය පුරා සනත් ජයසුරිය මහතා දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ මහතා විවේචනය කරමින් විවිධ අදහස් පල කර තිබුනු පසුබිමක මෙම තනතුර ඔහුට ලබා දීම විශේෂත්වයක්. මිස්ටර් බීන් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ආමන්ත්‍රණය කර ගෞරවාන්විත ලෙස ගෙදර යන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කරමින් ට්විටර් පනිවුඩයක් ද ඔහු විසින් පල කර තිබුනා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

