අයහපත් කාළගුණයෙන් සතුන්ට බලපෑම්
පසුගිය දිනවල (08, 09 ) උතුරු – නැගෙනහිර පළාත් වල ස්ථාන කිහිපයකම ගවයින් සහ එළුවන් 1000කට අධික ප්‍රමාණයක් මිය යෑමේ සිද්ධීන් වාර්තා වී තිබෙනවා.
මෙසේ ගවයින් සහ එළුවන් ඇතුළු සත්වයින් අසාමාන්‍ය ලෙස තවදුරටත් මියයන්නේ නම්, ළඟම පිහිටි පශු වෛද්‍ය කොට්ඨාසය දැනුවත් කරන ලෙස සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
පේරාදෙණිය පශු පර්යේෂණ ආයතනයේදී උතුරු නැගෙනහිර මියගිය සත්වයින්ගේ සාම්පල යොදාගෙන පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් හේමාලී කොතලාවල මහත්මිය සඳහන් කළේ.
මෙම මරණවලට හේතුව පැවති අධික ශීත කාළගුණය බවට සැක කරන බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුව සඳහන් කරන්න.
මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ මියගිය සත්වයින්ගේ හිමිකරුවන් වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීම පිළිබඳව තීරණය කිරීම සඳහා අද(12) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.
මෙම සාකච්ඡාවා විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

