Latestදේශීය

රනිල් අත්සන් තබයි, දින 90ක් රදවා තබා ප්‍රශ්ණ කිරීම අරඹයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලැබී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  නිතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

පසුගිය 18 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ පැවැත්වූ විරෝධතාවක් අතරතුර වසන්ත මුදලිගේ මහතා ඇතුළු 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර, වසන්ත මුදලිගේ මහතා ඇතුළු තුන්දෙනා හැර 15 දෙනා පසුගියදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරුණා.

සමාජ ක්‍රියාකාරී චින්තක රාජපක්ෂ මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.

මේ අතර පසුගියදා (18)කොළඹදී පැවති විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට පත් වසන්ත මුදලිගේ , හෂාන් ජීවන්ත සහ පූජ්‍ය. ගල්වැව සිරිධම්ම හිමි යන  තිදෙනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමන දැඩිලෙස කණගාටුවට පත්වන බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතවරියක් වන මේරි ලෝලර් twitter පණිවිඩක් නිකුත් කරමින්  සඳහන් කරනවා.


එසේම මානව හිමිකම් කවුන්සිලය පෙන්වාදෙන්නේ මෙම පිරිස සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග වලට අත්සන් නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලාසිටින බවයි.
එසේ අතසන් කලහොත් එම දිනය ශ්‍රීලංකාවට අඳුරු දිනයක් වනු ඇතැයිද  නියෝජිතවරිය සිය twitter පණිවිඩයයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේඅතර  පෑලියගොඩ පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය භාරයේ සිටිය වසන්ත මුදලිගේ සහ අනෙක් ක්‍රියාකාරිකයා මෙන්ම  තලංගම පොලිසියේ රදවාගෙන තිබූ සිරිධම්ම ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් රැඳවුම් නියෝගයක් තමුන් සතුව නැති බව එම පොලිස් ස්ථාන ප්‍රකාශ කළ බව නීතිඥවරුන් පෙන්වා දෙනවා.

තවද ත්‍රස්ත විමර්ශන ඒ්කකය විසින් මෙම රැදවුම් නියෝග ලබා ගත් බවට අදාල පොලිස් ස්ථාන දැනුම් දුන්න ද ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඒ පිළිබදව විමසීමේදී ඔවුන් ප්‍රකාශ කළේ  ඒ පිළිබදව තමන් නොදන්නා බවත්  රැඳවුම් නියෝගයක් ඔවුන් සතුව නොමැති බවත් ත්‍රස්ත විමර්ශන ඒකකය තමන් වෙත දැනුම් දුන් බව නීතිඥවරුන් වැඩිදුරටත් පැවසුවා.

පසුගිය 18 වන දින සවස 4 ට අත්අඩංගුවට ගත් ශිෂ්‍ය ක්‍රියාකාරින් මේ වනවිට පැය 72කට වඩා රඳවාගෙන ඇති බවත් එබඳු රඳවා ගැනීමක් සිදු කිරීම සඳහා කිසිදු නෛතික හැකියාවක් නැති බවත් නීතිඥවරුන් පැවසුවා.

නීතිඥවරුන්ගේ මැදිහත්වීමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් කරුණු හෙලිදරව් කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල දින 90ක රැදවුම් නියෝගයට අනුමැතිය ලබා දී තිබීම විශේෂත්වයක් බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?