Latestදේශීය

නොරච්චෝලේ ගල් අගුරු බලාගාරයේ මගඩියෙන් සල්ලි බෙදාගන්න හදන්නේ – සජිත් ‌ප්‍රේමදාස

විදුලි බිල වැඩි කොට ජනතාව කබලෙන් ලිපට දමන අතර සර්වපාක්ෂික ආණ්ඩු බිහි කරන්නට ආරාධනා කරන්නේ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර මගඩිය හරහා හිමිවන ඩොලර් බෙදාගැනීමට දැයි විපක්ෂ නායක සජිත් පේමදාස මහතා ප්‍රශ්න කරයි.

ජනතාව මෙතරම් පීඩාවට පත්ව සිටියදීත්,මෙවැනි මගඩි වලින් තව දුරටත් මෙරට ප්‍රපාතයට ඇද වැට්ටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පැවසූ ඔහු,උන්ගේ නෑදෑයන්ගේ පක්ෂයට හෝ උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍ය වලට මේවා නොපෙනෙන බව ද පැවසීය.

විදුලි බිල අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් අද(29) පාර්ලිමේන්තුව ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක් දැක්විය.

එම අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියේය.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *