Latestදේශීය

ශිරාන් බාසික්ගේ තෙමහල් නිවසක් තහනම් කරයි

රැඳවුම් භාරයේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් මිලදී ගත් බවට සැක කෙරෙන බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක් සහිත ඉඩම තහනම් කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන තිබේ.

මෙම තෙමහල් නිවස සහ ඉඩම රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක පමණ වටිනාකමකින් යුක්ත වන අතර එය ශිරාන් බාසික් විසින් සිය පියාගේ නමින් මිලදී ගෙන පසුව තෑගි ඔප්පුවක් මගින් තම දියණිය වෙත පවරා දී තිබුණු බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම නිවස ඇතුළු ඉඩම විකිණීම හා පැවරීම වළක්වාලමින් පසුගිය 13 වන දා සිට බල පැවැත්වෙන පරිදි දින 14ක කාලයක් සඳහා එම දේපළ ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටියදී පසුගියදා මෙරටට රැගෙන එන ලද ශිරාන් බාසික්ට අයත් දේපොළ කිහිපයක්ම මේ වනවිට අත්හිටුවීමට පියවරගෙන ඇත.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *