Latestදේශීය

ජනතාව දේශපාලනඥයින්ගේ වලටත් හෙන ඉල්ලනවා – ධම්මරතන හිමි (Video)

ජනතාව ඉල්ලූ වෙනස සිදු වී නොමැති බවත්, ජනතාව දේශපාලනඥයින්ගේ වලටත් හෙන ඉල්ලන බවත් ඓතිහාසික මිහින්තලේ රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

අගමැති ප්‍රමුඛ දේශපාලනඥයින් පිරිසක් උන්වහන්සේව බැහැදැක අනුශාසනා ලබා ගන්නට ගිය අවස්ථාවේදී ධම්මරතන හිමියන් මේ අදහස් පල කළා.

බලය අත්හැරීමට ලෝබ කම් කරන කාටත් සිදුවන්නේ මහින්ද රාජපක්ෂ මහතාට වූ දෙය බවත් පැවසූ ධම්මරතන හිමියන් මාස 6ක අන්තර්වාර පාලනයකින් අනතුරුව මැතිවරණයක් පවත්වා රට ස්ථාවර කිරීමට වත්මන් පාලකයින්ට ජනතාවගේ කැමැත්ත හිමිවූ බවත් නමුත් එවැනි දෙයක් පෙනෙන්නට නොමැති බවත් වැඩිදුරටත් පැවසුවා. තමන් ජනතාවට කියන්නේ මේ 225ටම ඡන්දය නොදී සිටිය යුතු බවද උන්වහන්සේ අගමැතිවරයා ප්‍රමුඛ මැති ඇමතිවරුන්ට සෘජුවම ප්‍රකාශ කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *