Latestදේශීය

2019 එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජය වුනේ ඇයි කියලා හිතන්න. පක්ෂ කඩන්න එපා – නාමල් රාජපක්ෂ

(සුජිත් හේවාජුලිගේ )

පක්ෂ බෙදා වෙන්කර  අතීතයේදී මැතිවරණ ජයග්‍රහණය කළත්   වර්තමානයේදී එසේ කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පක්ෂ බෙදා වෙන්කිරීමෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීම යල් පැන ගිය උපක්‍රමයක් බවද  හෙතෙම සඳහන් කළේය.

2019 දී බෙදීම නිසා එක්සත් ජාතික පක්ෂයට උරුමවූ අන්ත පරාජය ගැන සිතා වැඩ කළ යුතු බවත් පක්ෂ බෙදීම නිසා සිදුවන්නෙ නියත මැතිවරණ පරාජයක් බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

බෙදී යාම හේතුවෙන්  අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂද  සීසීකඩ ගොස් ඇති බව පැවසූ මන්ත්‍රීවරයා කාට කාටත් ජයග්‍රහණය ලබාගත හැක්කේ    පක්ෂ කැඩීමෙන්  නොව එකට ශක්තිමත්ව නැගී සිටීමෙන්  පමණක්ම බවද සඳහන් කළේය. අද සමහරුන් පක්ෂ කඩන කොන්ත්‍රාත්තුව බාරගෙන කටයුතු කරන බවද ඔහු කීවේය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *