ටැන්සානියානු මගී ගුවන් යානයක් වික්ටෝරියා විලට කඩාවැටී තිදෙනෙක් මරුට
ටැන්සානියානු මගී ගුවන් යානයක් බුකෝබා නගරයට ආසන්න ගුවන් තොටුපොලකට ගොඩබෑමට තැත් කිරීමේදී වික්ටෝරියා විලට කඩා වැටී අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Precision Air ගුවන් යානයේ පුද්ගලයින් 43 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඉන් 26 දෙනෙකු ගේ ජීවිත බේරාගෙන රෝහල් ගත කර ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කලා.
ගුවන් නියමුවන් දෙදෙනා අනතුරෙන් දිවි ගලවා ගත් නමුත් ඔවුන් නියමු කුටියේ සිරවී සිටින අතර ප්‍රාදේශීය නිලධාරීන් සමඟ කතා කරමින් සිටින බවයි වාර්තාවන්නේ.
ගලවා ගැනීමේ සේවකයින් සහ ප්‍රදේශයේ ධීවරයින් තවත් දිවි ගලවා ගත් අය සොයමින් සිටි.
ගලවා ගැනීමේ සේවකයින් සහ ධීවර බෝට්ටු වලින් වටවී ඇති ජලයට ඉහළින් දුඹුරු සහ කොළ පැහැති යානයේ පසුපස කොටස හැර යානය සම්පූර්ණයෙන්ම පාහේ ගිලී ඇත.
බුකෝබා ගුවන් තොටුපලේ ධාවන පථයේ එක් කෙළවරක් වික්ටෝරියා විලේ වෙරළට යාබදව පිහිටා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

