Latestදේශීය

මන්නාරම රදගුරු ජනපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම සඳහා අද(16) පෙරවරුවේ මන්නාරම රදගුරු ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් සමගින් පූජකතුමන්ලා පිරිසක් සහභාගි වී තිබෙනවා.

එම හමුවේදි මන්නාරම ප්‍රදේශයේ ඇති ගැටලු කිහිපයක් පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා.

විශේෂයෙන් මඩු වන්දනාව සදහා පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මන්නාරම ප්‍රදේශයේ ඉඩම් ගැටළු ඇතුළු කාරණා කීපයක් පිළිබඳව ද ජනාධිපතිවරයාව දැනුවත් කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා බව සඳහන් කළ බවයි .


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *