Latestදේශීය

ක්‍රිකට් හැර පාසැල් ක්‍රීඩා දියුණු කරන්න උදව් කරනවා – බ්‍රිතාන්‍යය

මෙරට පාසල් දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් දියුණු කිරීම සඳහා ශාරීරික අභ්‍යාස ගුරුවරුන් නිවැරදිව පුහුණු කළ යුතු බවත් ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදෙන බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සරා හල්ටන් (Mrs.Sarah Hulton)මහත්මිය පැවසීය.

එතුමිය මෙලෙස පැවසූයේ කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් නිල නිවසේ දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හමු වූ අවස්ථාවේ දීය.

ක්‍රිකට් හැර අනෙකුත් ක්‍රීඩාවන්ට අවශ්‍ය දැනුම, පුහුණුව, තාක්ෂණය, අවබෝධය, ලබාදීමට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් තුමිය එහි දී සිය කැමැත්ත පලකර තිබේ.

ඒ වගේම දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සඳහා ව්‍යපෘතියක් ආරම්භ කිරීමට ද එකඟත්වය පලවිය.

විදේශයන්හි පුහුණුව ලබන තරුණ තරුණියන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමටත්, උසස් අධ්‍යාපනයෙන් පසු විදේශ රැකියා සඳහා ‍යොමු වීමට අවශ්‍ය පුහුණුව ලබාදීමටත් කටයුතු කරන බවද මහකොමසාරිස් තුමිය පැවසීය.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා, එහි ලේකම් සුජානි බෝගොල්ලාගම මහත්මිය, අමාත්‍යතුමාගේ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා යන මහත්ම මහත්මීන් එක් විය.

– media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?