Latestදේශීය

අධිචෝදනා

හිටපු කෘෂිකර්ම ඇමති එස්.එම් චන්ද්‍රසේනගේ සොහොයුරා වන උතුරු මැද පළාතේ ප්‍රධාන ඇමති වශයෙන් කටයුතු කළ එස්.එම් රංජිත්ට කොළඹ මහාධිකරණය හමුවේ (03) අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.

ඒ ඔහු උතුරු මැද පළාත් ප්‍රධාන ඇමති වශයෙන් කරමින් සිටියදී 2012 සහ 2014 කාලය තුළ අමතර ඉන්ධන දීමනාව වශයෙන් රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ නවදහස් හයසිය විසිනවයක (රු.5,379,629) රජයේ මුදල් අවභාවිතා කිරීම සහ එම ඉන්ධන දීමනාව ලබා ගැනීමට රජයේ නිලධාරීන් පෙළඹවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම ඇතුළු අධිචෝදනා අටක් යටතේ අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව ගොනු කළ නඩුවකට අදාලවය.

එම අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකෙරී ඇත්තේ කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් ඉදිරියේය.

ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසත් අධිකරණය නියෝග කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *