ගොවි ජන බලයකින් මේ දූෂිත ආන්ඩුව පන්නනවා – විමල් වත්තුහේවා

ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල්  වත්තුහේවා මහතා විසින් 2023 අයවැය සහ වර්තමාන කෘෂිකර්මාන්තය  මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන්  අද (17) මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එම මාධ්‍ය හමුවේදී ඔහු අවධාරණය කළේ පැවති රාජපක්ෂ ආන්ඩුව ගෙදර යවන්න ගොවි ජනයා පාරට පැමීණි බවත් ඒ වගේම වත්මන් දූෂිත ආන්ඩුව ගෙදර යැවීම සදහා එමෙන්ම ජනතා බලයක් ගොඩ නැගීම සදහා ගොවිජනයා සංවිධානය කරන බවයි. විමල් වත්තුහේවා මහතා මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කළ අදහස් පහතින්,

 පසුගිය අගෝස්තු 30 රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරපු අතුරු අයවැයේ දී ලංකාවේ බීජ සහ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන වැඩපිළිවෙළක් පටන් ගන්න කියලා රුපියල් මිලියන හාරසීයක් වෙන් කරලා තිබුණා. අපි කෘෂිකර්ම ඇමති තුමාගෙන් අහනවා. රුපියල් මිලියන හාර සීයෙන් කීයක් හම්බවුනාද අමාත්‍යංශයට. සත පහක් හම්බ උනේ නෑ. ඒ වගේම යෝජනා කරලා තියෙනවා රුපියල් මිලියන එකසිය පනහක් වියදම් කරලා පසු ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා කිරි නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙළක් හදනවා කියලා. ඒ මිලියන එකසිය පනහෙන් සත පහක් හම්බ උනේ නෑ. කෘෂිකර්ම අමාත්‍යශයට ඒවා මොකක්වත් හම්බවුනේ නෑ.  වෙන් කරපු කිසිම මුදලක් මේ වෙනකොට හම්බවෙලා නෑ. ඒ යෝජනා කරපු පහුගිය අතුරු අයවැය යෝජනා කරපු මාස හතරට යෝජනා කරපු වැඩපිළිවෙළ ඇතුළේ කිසිදු කාරණාවක් ක්‍රියාත්මක වෙලත් නෑ. එහෙම තත්ත්වයක් ඇතුළේ තමයි මේ 2023 අයවැයක් ඉදිරිපත් කරන්නෙ. එතකොට මේක ඇතුළේ දැන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්ණ දෙකක් තියෙනවා. එකක් තමයි නිෂ්පාදනයට අවශ්‍ය වන අමුද්‍රව්‍ය ටික. ඒ කියන්නේ බීජ ටික පොහොර ටික පළිබෝධ නාශක ටික. ඊට පස්සේ අවශ්‍යයි තාක්ෂණික උපකරණ ටික.  අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඒ ටික නියම වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට ගොවි ජනතාවට ලැබෙන්නේ නැති ප්‍රධාන ප්‍රශ්ණයක් තියෙනවා. එතකොට අයවැයෙන් මේ ප්‍රශ්ණෙට උත්තරයක් ඕනකම තියෙනවා.

 ඊට පස්සේ අනිත් පැත්තෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයට අවශ්‍යවන තාක්ෂණික උපදේශනය හරියට ලැබෙන්න ඕන කම තියෙනවා. ඒ වගේම නවීන තාක්ෂණය සහ විද්‍යාත්මක මගපෙන්වීමක් කෘෂිකර්ම ක්ෂේත්‍රයට අවශ්‍ය වෙලා තියෙනවා මේ මොහොත වෙනකොට තියෙන ඉඩම් ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීම සඳහා. හැබැයි මේ කියන කාරණා එකකටවත් මේ අයවැයෙන් යෝජනා ඉදිරිපත් වෙලා නෑ. මේ අය මොනවද  ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ අය ඉදිරිපත් කරලා තියෙනවා  අර ත්‍රෛයිලෝක විජයපත්‍ර කියලා ගංජා වවන්න කමිටුවක් පත්කරලා තියෙනවා.  හොයලා බලන්න. ඊට පස්සේ අනිත් පැත්තෙන් කුරුදු වලට අලුතෙන් දෙපාර්තමේන්තුවක් පටන් ගන්න යෝජනා කරලා තියෙනවා.

 දැන් එක පැත්තකින් කියනවා  රාජ්‍ය සේවකයෝ ලක්ෂ පහළොවක් ඉන්නවා මේක වැඩියි රාජ්‍ය ආයතන වැඩියි කියලා. ඒ  කියන ගමන් අනිත් පැත්තෙන් වෙනම තව දෙපාර්තමේන්තුවක් යෝජනා කරලා තියෙන සුළු අපනයන දෙපාර්තමේන්තුව කියලා.  ඒ සුළු අපනයන දෙපාර්තමේන්තුවට ගම්මිරිස් සාදික්කා කරදමුංගු ඒවා ඔක්කොම අයිතියි.  එහෙම තියෙද්දි මේකට තව එකක් අටවලා තියෙනවා. එහෙම ඒවා කිහිපයක් යෝජනා කරලා තියෙනවා මිසක් කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළව කිසිදු සාධනීය යෝජනාවක් කරලා නැහැ. යෝජනා කරලා තියෙන රුපියල් මිලියන දෙසිය පනහක් වෙන් කරලා කෘෂිකාර්මික ව්‍යවසායක සම්මාන දහයක් හදන්න. කලින් අර මං කියපු අතුරු අයවැයෙන්ම අගෝස්තු මාසයේ තිස් වෙනිදා රුපියල් මිලියන 250 ක් වෙන් කරලා තිබුණා. යෞවන සමාජවල තරුණ ව්‍යවසායක සම්බන්ධ කරගෙන කෘෂි ගම්මාන හදන්න. ඒක මොකුත් කරන්නෙ නැතුව ආපහු මිලියන දෙසිය පනහක් මේකෙනුත් වෙන්කරලා තියෙනවා. ඕක තමයි කරල තියෙන්නෙ. ඒ නිසා මේ ඉලක්කම් විජ්ජාවන් පෙන්නපු එක ඇර කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළව කිසිදු විදියේ සාධනීය යෝජනාවක් ඉදිරිපත්කරලා නැහැ , මේ මොහොතේ ගොවි ජනතාව මුහුණදෙන නිෂ්පාදනය වැඩිකර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ටික නැති වෙච්ච එකට උත්තර හොයන. එහෙම වැඩපිළිවෙළක් මේකෙ යෝජනා කරලා නෑ.

අනිත් පැත්තෙන් තියෙන ප්‍රධාන ප්‍රශ්ණය තමයි 2021/22 මහ කන්නය සාමාන්‍යයෙන් ඇස්තමේන්තු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 34ක්.  ඒක ලක්ෂ 19 දක්වා බැස්සේ කඩි කුලප්පු පොහොර ප්‍රතිපත්තිය නිසා. එතකොට ඒ වෙලාවේ ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමතිවරයා රජයේ ප්‍රධාන ඇමැතිවරු ඒ හැමෝම ගොවි ජනතාවට පොරොන්දු වුණා  හෙක්ටයාරයකට රුපියල් හතලිස් දාහ ගානේ අඩු වෙන හැම වී කිලෝ එකට ගණන් හදලා වන්දියක් ගෙවනවා කියලා. දැන් මේක ගැන කිසි කතාවක් නෑ. මේක ගැන ආණ්ඩුව කතා කරන්නෙත් නෑ. මේවා ගැන විපක්ෂය කතා කරන්නෙත් නෑ. ඔය විපක්ෂ කලින් ආණ්ඩු වෙද්දී සේනා දළඹු හානිය වන්දි ගෙවනවා කියලා කිව්වා දෙදහස් දහඅටේ. ඒවා වෙලත් නැහැ. පළවෙනි වටේ කියලා සොච්චම් මුදලක් දුන්නා. කිහිප දෙනෙකුට ඊට පස්සේ රුපියල් කෝටි පනස් හතක් වෙන් කරා  කැබිනට් මණ්ඩලයෙන් වන්දි ගෙවන්න කියලා.  සේනා දළඹු හානියට ඒකෙන් සතපහක භාණ්ඩාගාරය හරහා රැගෙන ගොවීන්ට දුන්නේ නෑ. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා දැන් මෙහෙම සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. ආණ්ඩුවට විතරක් නොවේ ආණ්ඩුවටයි විපක්ෂ දේශපාලන පක්ෂවලට යි ගොවි ජනතාව විදියට අපි කියනවා ඕගොල්ලො හැමදාම ගොවීන්ට පොරොන්දු දීල ඉවර වෙලා  ඊට පස්සේ ඒවා සම්පූර්ණයෙන්ම අමතක කරලා ආපහු රෙදි ඇඳගෙන ඇවිල්ලා ද මැතිවරණවලදී ඡන්දය ඉල්ලන්නේ?  මේ සැරේ ඒ සෙල්ලම හරියන්නේ නෑ කියන එක අපි ආණ්ඩුවටත් විපක්ෂයේ මහතුන්ටත් කියනවා. ඡන්දෙ ඉල්ලන්න ලෑස්ති නං ඡන්දෙ ඉල්ලන්න එනවා නම් පොරොන්දු වෙච්ච ඒවා දීලා එන්න.

 ගොවීන්ට කිව්වා හෙක්ටයාරයකට රුපියල් හතලිස් දා ගානේ අස්වැන්න අඩු වෙච්ච එකට වන්දි ගෙවනවා කියලා. ඒක ගෙවල එන්න ඕන කැමති නම් එහෙම නැතුව මේ සෙල්ලම ආපහු දිගින් දිගටම කරන්න ගොවි ජනතාව ඉඩ දෙන්නේ නෑ කියන එක අපි අවධාරණය කරලා කියනවා. ඒ වගේම මහින්දානන්ද අලුත්ගමගේ හිටපු කෘෂිකර්ම ඇමතිවරයා එයා තාමත් ආණ්ඩුවේ රැකවලා වගේ ආණ්ඩුවට කඩේ යමින් ආණ්ඩුව පැත්තේ ඉන්නවා. ඊට පස්සේ එදා කාබනික පොහොර පිළිබඳ රාජ්‍ය ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ අද එයත් රාජ්‍ය ඇමැති. එයාගේ තාත්තගේ අමාත්‍යංශෙ එදා හිටපු වාරිමාර්ග අමාත්‍යංශයේ රාජ්‍ය ඇමැති විදිහට තාමත් ආණ්ඩුවේ ඉන්නවා. ඒගොල්ලන්ට අපි කියනවා ඕගොල්ලෝ දැන් කියන්න ඕන කම තියෙනවා  වන්දි ගෙවනවා ද නැද්ද කියන කථාව. හරියට කියන්න. ඕගොල්ලො තමයි පොරොන්දු වුණේ. මේ රටේ ජනතාවට මේ වන්දි ගෙවනවා කියලා. හැබැයි අයවැයෙන් සත පහක් ඒ වෙනුවෙන් වෙන් කරලා නෑ. අපි.ආණ්ඩුවට හා විපක්ෂයට අනිවාර්යෙන්ම කියනවා ගොවි ජනතාව රවට්ටලා ඡන්දේ ඉල්ලන්න ලෑස්ති වෙන්න එපා කියල..

අයවැයේ සමස්ත කතාව ගත්තට පස්සේ.ඒ ගොල්ලොන්ගෙ ප්‍රධාන ව්‍යාපෘතිය බවට පත්වෙලා තියෙන්නේ අපේ රටේ තියෙන ඉඩම් ටික මහා පරිමාණ සමාගම්වලට ලබා දෙන එක තමයි .අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ලංකාවේ කෘෂිකාර්මික කටයුතු කරන හෙක්ටයාර් ලක්ෂ 21 ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව අවශේෂ වනාන්තර විදිහට හෙක්ටයාර් තුන් ලක්ෂ තිස් දාහක් විතර ප්‍රමාණයක් එක්ක සාමාන්‍ය ඝන වනාන්තර නොවන අවශේෂ වනාන්තර තියනවා ලක්ෂ පහක් විතර. සාමාන්‍යයෙන් වගා කරන්න සුදුසු වගා කරන්න පුළුවන් වෙයි කියලා හිතන හෙක්ටයාර් ලක්ෂ විසි හයක විතර භූමි ප්‍රමාණයක් තියෙනවා ඒක සාමාන්‍යයෙන් රටේ ඉඩම් වලින් සියයට හතළිහරක් හතළිස් පහක් විතර ප්‍රමාණයක්. මෙන්න මේ ටික දැනට තියෙන්නේ සුළු හා මධ්‍ය  පරිමාණ ගොවියා අතේ.  සාමාන්‍ය ගොවියාගේ  අක්කර 2, 5, 10 ඔය ඔය ගණන්වලට තමයි තියෙන්නේ. දැන් මේ ආණ්ඩුවේ මේ අයවැය කතාවේ තියෙන සමස්තය අරගෙන බැලුවාම පේනවා ඵ් තමයි මේ ඉඩම් ටික මහා පරිමාණ සමාගම්වලට ලබා දෙන්න තමයි මේක යෝජනා තියෙන්නේ. එල් ආර් සී අයිතිය තියෙන ඉඩම් ටික. ඊට පස්සේ මහවැලි මහවැලි අධිකාරිය හරහා තියෙන ඉඩම් අයිතිය ඒ සියල්ල ප්‍රාදේශීය ලේකම්ගේ අතට අරගෙන ප්‍රාදේශීය  ලේකම් හරහා තමන්ට ඕන ඕන ව්‍යාපෘති සඳහා ලබා දෙන්න තමයි දැන් මේ සූදානම.  අපි දන්නවා මේ වෙනකොට රජයේ ප්‍රධාන ඇමැතිවරුන් ගේ දරුවො ගිහිල්ල වැලිකන්ද ඉඩම් අක්කර සීය දෙසීය වෙන්කර ගන්නවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ ගමන යන්න ලේසි වෙන්න එපා. මේ රටේ මහජනතාව මහපාරට බැහැල ආණ්ඩුව ගෙදර යැව්වේ ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැව්වේ මේ යන ගමන වැරදියි කියලා. ඒ ආපු ගමන වැරදියි වගේම  මේ ගම් යන ගමන වැරදියි. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කම තියනවා. සාමාන්‍ය වැඩකරන පන්තියේ මිනිස්සුන්ට පහසුකම් ටික ලැබෙන වැඩකරන පන්තියේ මිනිස්සුන්ට බලයක් ලැබෙන වැඩපිළිවෙලකට ඒ ජීවිතේ මීට වඩා හොඳ තත්ත්වයකට පත්වෙන වැඩපිළිවෙළකට එන්න ඕන කියන අදහසින් තමයි ඒ ආණ්ඩුව ගෙදර යැව්වේ. හැබැයි දැන් ඒකට සම්පූර්ණයෙන් පයින් ගහලා මේ ගොල්ල සූදානම් වෙනවා ආපහු වෙන පාරකින් ඒ ගමන ඉස්සරහට යන්න. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා මේ සෙල්ලම කරන්න ලෑස්ති වෙන්න එපා. ඒක දිගටම කරගෙන යන්න ගොවි ජනතාව ඉඩ දෙන්නේ නෑ. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා ගොවි ජනතාවට අවශ්‍ය නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් ටික දෙන්න වහාම වැඩපිළිවෙළක් හදන්න. ගොවීන්ගේ නිෂ්පාදනයට සාධාරණ මිලක් ලබාදීම සඳහා වැඩපිළිවෙලක් යෝජනා කරන්න. ඒ සඳහා කටයුතු කරන්න කියන බලපෑම අපි ආණ්ඩුවට කියනවා. ඒ වගේම අපි ගොවි ජනතාවගෙන් ඉල්ලනවා,  මේ මොහොතේ ගොවි ජනතාව සංවිධානාත්මකව මේ වැඩපිළිවෙළට එරෙහිව කටයුතු කරන්න ඕනා. සාමාන්‍යයෙන් ගත්තාම ලංකාවේ ව්‍යාපාර වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරන ප්‍රධානම ව්‍යාපාර පනස් දෙකක් තියෙනවා. මහවැලි ව්‍යාපාර නමයක් තියෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන 562ක් තියෙනවා. මේ ටික ඇතුලේ ඔක්කොම ගොවි සංවිධාන 19000 විතර ගොවි පවුල් ලක්ෂ විසිතුනක් සංවිධානාත්මක ඉන්නවා. මෙන්න මේ සංවිධානාත්මක බලය පාවිච්චි කරලා මේ ආණ්ඩුවලට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ  ඕන ඕන සෙල්ලම් කරන්න ඉඩ දෙන්නෙ නැතුව ගොවීන්ගේ වැඩපිළිවෙලකට ආණ්ඩුව යටත් කරගැනීම සඳහා සූදානම් වෙන්න කියන කාරණාව අපි ගොවි ජනතාවටත් කියනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *