Latestදේශීය

මර්ලින් පීරිස් අභාවප්‍රාප්ත වෙයි

සාහිත්‍ය ලෝකය වෙත මහඟු සේවාවක් සිදු කළ මහාචාර්ය මර්ලින් පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1930 වර්ෂයේ ජූලි 09 වැනිදා කොළඹ දී උපත ලද ඔහු මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයෙන් සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙනි.

ඉන් අනතුරුව ඒ මහතා බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන් උසස් අධ්‍යාපන කටයුතු නිම කර ඇත.

සම්භාව්‍ය භාෂා පිළිබඳ සහකාර කථිකාචාර්ය වරයෙකු ලෙස 1961 වසරේදී සේවයට එක්වන ඔහු ඉන් අනතුරුව කථිකාචාර්යවරයකු ලෙසත් සම්භාව්‍ය භාෂා පිලිබද අධ්‍යයනාංශයේ අංශාධිපති ලෙසත් , මහාචාර්යවරයකු ලෙසත් කටයුතු කර ඇත .

ඔහු විසින් කළ සාහිත්‍ය සේවාවන් අතරින් මූලික වශයෙන්ම බොහෝ දෙනෙක් අගය කරනු ලබන්නේ “ග්‍රීක”සම්භාව්‍ය සාහිත්‍යය සිංහල බසට පරිවර්තනය කිරීමයි.

පනස් නමවැනි සාහිත්‍ය සම්මාන උළෙලේදී ඒ මහතා “සාහිත්‍යරත්න” සම්මානයෙන් පිදුම් ලැබීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?