Latestවිදේශීය

ලොව ධනවත්ම පුද්ගලයා ට්විටර් සේවකයින්ට දිගු වේලාවක් වැඩකිරීමට කියයි

ලොව ධනවත්ම පුද්ගලයා සේ සැලකෙන එලොන් මස්ක් ට්විටර් සමාගමේ කාර්ය මණ්ඩලයට “ඉහළ තීව්‍රතාවයකින් දිගු වේලාවක් වැඩකරනවාද” නැතහොත් සේවයෙන් ඉවත්ව යනවාද යන්න ඉක්මනින් තීරණය කරන ලෙස දන්වා ඇතැයි වාර්තාවනවා.

වොෂින්ටන් පෝස්ට් පුවත්පත සඳහන් කරන්නේ ට්විටර් සමාගමේ නව හිමිකරු කාර්යමණ්ඩලය වෙත විද්‍යුත් තැපෑලෙන් පණිවුඩයක් යවමින් සේවකයින් හට තවදුරටත් තම සමාගමේ රැඳීසිටීමට අවශ්‍යනම් එම ප්‍රතිඥාවට එකඟ විය යුතු බව දන්වා ඇතිබවයි.

බ්‍රහස්පතින්දා වන විට මෙම ප්‍රතිඥාවට එකඟවී ලියාපදිංචි නොවන අයට ආයතනයෙන් වෙන්වීම සඳහා මාස තුනක වැටුප් ලබා දෙන බවද සඳහන්කර තිබෙනවා.

ලොව ධනවත්ම පුද්ගලයාසේ සැලකෙන මස්ක්, ට්විටර් සමාගම ඩොලර් බිලියන 44ක (පවුම් බිලියන 38.7ක) මුදලකට පසුගියදා මිලදී ගැනීමෙන් පසු එහි කාර්යමණ්ඩලයෙන් අඩක් ඉවත් කරන බව නිවේදනය කර තිබුණා. ට්විටර් සමාගමට දිනකට ඩොලර් මිලියන 4ක් අහිමිවීයන බැවින් තමාහට මෙම කප්පාදුව හැර වෙනත් විකල්පයක් නොමැති බවත් මස්ක් පවසා තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?