Latestවිදේශීය

හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයකු ඇතුළු දහස් ගණනකට නිදහස ලබාදීමට මියන්මාර හමුදා පාලනය සැරසේ

මියන්මාර හමුදා පාලනය විසින් එක්සත් රාජධානියේ හිටපු තානාපතිවරයෙකු,ජපන් චිත්‍රපට නිෂ්පාදකයෙකු සහ බලයෙන් පහකරනලද එරට නායිකාවගේ ඕස්ට්‍රේලියානු උපදේශකයෙකු ඇතුළු සිරකරුවන් 6,000ක් නිදහස් කිරීමට නියමිත බව වාර්තාවනවා.

නිදහස්වීමට නියමිත අය අතර සිටින හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන විකී බෝමන් සහ ජපන් ජාතික වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂක වරයකුවන ටෝරු කුබෝටා මේ වසර මුලදී සිරගත කරන ලද අතර, ඕස්ට්‍රේලියානු ජාතික මහාචාර්‍ය් වරයකුවන ෂෝන් ටර්නෙල් 2021 කුමන්ත්‍රණයෙන් ටික කලකට පසු රඳවා ගනු ලැබුණා.
හමුදා ජුන්ටාව පවසන්නේ මියන්මාර ජාතික දිනය සැමරීම සඳහා මෙම සිරකරුවන් 6,000 ස නිදහස් කරන බවයි. 
හමුදාව බලය අල්ලා ගැනීමෙන් පසු 16,000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි අන්තර්ජාතික මාධ්‍ය වාර්තාකරන්නේ. 

හමුදා ජුන්ටාව විසින් 2021 පෙබරවාරි මාසයේදී අවුන් සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජය පෙරලා දැමීමෙන් පසු රට පුරා විශාල විරෝධතා සහ ප්‍රභල ප්‍රතිවිරෝධතා ව්‍යාපාර ඇතිවුණා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?