Latestදේශීය

ජනාධිපති රනිල් රැජිනගේ මල ගෙදරට යද්දී එංගලන්තයේ මහ බැංකුව සීල් තැබුවා

“ලෝකේ කොහේ හරි හොරකමක් වුණොත් එතන කවුරුහරි ඉන්නවා. රැජිනගේ මල ගෙදරට රනිල් යද්දී එංගලන්තයේ මහ බැංකුවට සීල් තැබුබා කියලා කතාවකුත් යනවා. අපි මේ රටේ පාලන බලය ඇරගෙන ලංකාව ගැන තියන ප්‍රතිරුපය වෙනස් කරන්න කටයුතු කරනවා” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා බදුල්ලේදි 19 සවස පැවසීය.

බදුල්ල සේනානායක පිටියේ පැවැති ආසන සමුළුව අමතමින් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා එසේ පැවසීය.

“අද මේ රට සම්පුර්ණයෙන්ම පිරිහිලා අවසානයි අප්‍රේල් 12 ලංකාවේ කළු දිනය කියලා කබ්රාල්ගේ පොතේ තියෙනවා රට ලෝකයට ණයයි. නන්දලාල් කියනවා ණය ගෙවන්නේ නැතිලු. රනිල් කියනවා තෙල්,ගෑස් පොලිම් නැති කළාලු. නමුත් අපි පිට රටට ඩොලර් කෝටි 320ක් ණයයි.

ලංකාවේ දැවැන්තම කඩා වැටීමකයි අපි ඉන්නේ මේ තත්වය ඇති කලේ අපේ පාලකයෝ මේ ව්‍යවසනයෙන් ගොඩ එන්න පිනට ජනාධිපති වුන රනිල්ට බෑ,

අද රටේ හැම තැනටම මත්දව්‍ය ගලාගෙන යනවා දිනෙන් දින රට විනාශයට යනවා මේ ඉන්න නායකයින්ට රට ගොඩ ගන්න බෑ තවත් විනාශ වෙනවා. ඉදිරි මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට විතරයි රට ගොඩගන්න පුළුවන් වෙන්නේ. අද සතුරා කළබලවෙලා.

සතුරා ළග ධනය, බලය,මාධ්‍ය තියෙනවා,ආණ්ඩුවට මාධ්‍ය නාලිකා කිහිපයක් තිබුනට. අපේ අය ගමේ ගොඩේ බසයේ හැමතැනම පක්ෂය ගැන ඇත්ත කතාව පතුරුවනවා,

රටක බලය තියෙන්නේ ජනතාව ළග ඒක පසුගියදා ඔප්පු වුනා මතකද අගමැති චොපර් එකේ ගිහින් ත්‍රිකුණාමලයේ හැංගුනා, ජනපතිතුමා මන්දිරයේ පස්ස දොරෙන් මාලදිවයිනට පැනගියා, බැසිල් රැයක් පුරා යන්න තැනක් නැතුව උඩු ගුවනේ කරණම් ගැහුවා.

දැන් ඇමතිවරු හා පැටව් වගේ හයිලක්ස් වාහනේ පිටි පස්සේ යනවා. කළින් ජනතාව ඇමතිට බයයි දැන් ඇමති ජනතාවට බයයි.මේක තමයි විය යුත්තේ. අද පොහොට්ටුවක් නෑ පොහොට්ටුවේ නායකයෝම කියනවා පොල් වල්ල ගලේ ගැහුවා වගේ විසිරිලාලු. මේකයි ඇත්ත ලබන මාර්තු 20ට කළින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි. අපි මැතිවරණය කල් දැමීම වළක්වන්න කටයුතු කරනවා ඉදිරි මැතිවරණයෙන් අපි ජය ගත්තාම අනෙකුත් මැතිවරණ ඉන් පසුව පවත්වනවා.

මේ රටට නව ආණුඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕනි අපි හදනවා ඒවායින් ටිකක් කීවොත් පක්ෂය මාරු කළොත් මන්ත්‍රිධුරය අහෝසියි,ඇමතිවරු 25 නියෝජ්‍ය 25යි,විධායක ජනාධිපතික්‍රමය වෙනස් කරනවා,අධ්‍යාපන,සෞඛ්‍ය මුලික අයිතීන් කරනවා මේ හැම දෙයක්ම කරන්න අපේ පක්ෂය දිනවන්න”

– ADA

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?