Latestදේශීය

දූෂණ විරෝධී නව පනතක් – විජයදාස රාජපක්ෂ

අධිකරණ අමාත්‍යවරයා ලෙස දූෂණ විරෝධී නව පනත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ බවත්,  (21) පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් දැනුම්වත් කිරීම සිදුවූ බවත්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී නව අල්ලස් හෝ දූෂණ විරෝධී පනතක් සකස් කිරීම සම්බන්ධයෙන් පැහැදිළි කරමින් ඒ මහතා මේ බව පැවසීය.

වර්තමානයේ පවතින අල්ලස් හෝ දූෂණ පනත සම්බන්ධයෙන් මෙරට කිසිදු පුරවැසියකුට විශ්වාසයක් නොමැති බවත්, මෙපමණ කලක් පැමිණිලි කළද ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවත්,  ගන්නා ලද ක්‍රියාමාර්ග ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරන්නට හැකියාවක් නොමැති බවත්, ප්‍රශ්ණ කළොත් දේශපාලන මැදිහත්වීම් ලෙස චෝදනා එල්ල වන බවත්, අමාත්‍යවරයා පැවසීය.

ඒ හේතුවෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ජනතාවට වගකියන පාර්ලිමේන්තුවට වගකියන ආයතනයක් බවට පත් කරන්නට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

අපරාධ දූෂණ මර්දනය කරන්නට බැරිවීම යනු රටේ ආර්ථීකය නිවැරදි මගට ගැනීමට ඇති හැකියාව අවම වීම බවත්, අපරාධ මර්දනය ශක්තිමත් නීතියක් ලෙස සකස් කරන්නට මෙම නීතිය සකස් කළ බවත්, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

යම් දූෂණයක් හෝ අල්ලස් හා දූෂණයක් සම්බන්ධයෙන් බොහෝ විට ආයතනයේ සිටින නිලධාරින් දැනගත්තද ඔවුන් ඒ සම්බන්ධයෙන් කතා කිරීමට බියක් දක්වන බවත්, නව අල්ලස් හෝ දූෂණ පනතින්තො රතුරු ලබා දෙන්නන් ආරක්ෂා කිරීමට ප්‍රතිපාදන ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?