Latestදේශීය

ඩෙංගු මදුරු කීට ඝනත්වය ඉහළට

ඩෙංගු මදුරු කීට ඝනත්වය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය සඳහන් කර තිබෙනවා.

මෙලෙස ඩෙංගු මදුරු කීට ඝනත්වය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස විස්සකට අධික සංඛ්‍යාවක පැතිර ඇති බව සඳහන්.

සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ බස්නාහිර පළාතේ සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස රැසක් ද මේ අතර වන බවයි.

ජනතාව දැඩි සැලකිල්ලෙන් යුතුව මෙම තත්ත්වය පාලනය කර ගැනීමට සහාය දිය යුතු බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?