Latestදේශීය

රනිල් මුලින්ම ඔයාගේ ලයිෂන් එක පෙන්නන්න – දුමින්ද නාගමුව

මිස්ටර් බින්, හිට්ලර් වීමට උත්සහ දරන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පැවසීය. බහුතරයක් තරුණ පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හඳුන්වන්නේ මිස්ටර් බින් ලෙස බවත් එහෙත් ජනාධිපති සිතා සිටින්නේ තමා හිට්ලර් ලෙසින් බවත් ලේකම්වරයා සඳහන් කළේය.

ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ අරගලයකින් ආණ්ඩුව වෙනස් කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ නොදෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී 22 වැනිදා කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදීම සඳහා කොළඹ ගුරු මැදුර ශාලාවේ ඊයේ (23දා) පැවති මාධ්‍ය හමුවකදීය.

අරගලයක් කරනවාලු ආණ්ඩුව වෙනස් කරන්න. මම ඒකට ඉඩ දෙන්නේ නැහැ. හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා. එහෙම කරන්න ආවොත් කරන්න දෙන්නේ නැහැ.’ යනුවෙන් ජනාධිපතිවරයා කරන ප්‍රකාශය හරහා පෙනී යන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ වළ දැමීමක් බවද හෙතෙම කීවේය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යනු ලෝකයේ පීඩිත පන්තිය සටන් කර ලබා ගත්ත එකක් බවත් එය පිනට ජනාධිපතිකම ලබා ගත් පුද්ගලයෙකුට විනාශ කිරීමට ඉඩ ලබා දීමට නොහැකි බවත් ලේකම්වරයා සඳහන් කළේය.

රනිල් ඊයේ (23දා) පාර්ලිමේන්තුවේ කළ කතාව පැහැදිලිවම දුකට කියන කවි. රනිල් කියනවා පෙළපාළි යන්න ලයිසන් ගන්න ඕන කියලා. මම අහන්නේ ඔයාට ලයිසන් තියෙනවද ජනාධිපතිකම ගන්න. ඒකයි අපිට ගැටලුව. අපිට ලයිසන් ගන්න කියන්න කලින් ඔයා ජනපතිකම ගන්න ලයිසන් එක අරන් පෙන්නන්න. හිටපු ජනපති පැනලා ගියාට පස්සේ පස්සේ දොරෙන් රාජපක්ෂ ගාවට ගිහින් දූෂණ සියල්ල වහන්නම් කියලා පොරොන්දුවක් දීලා වැඳලා ජනාධිපති ගත්ත කෙනා අපිට කියනවා පාගමන් යන්න ලයිසන් ගන්න ඕන කියලා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කියන්නේ ලෝකයේ පීඩිත පන්තිය සටන් කරලා ලබා ගත්ත එකක්. ඒ නිසා ඒකට අත තියන්න කාටවත් බැහැ. ඒ වගේම රනිල් තව කියලා තියෙනවා අරගලත් නැහැ මැතිවරණත් නැහැ කියලා. මේ කියන්නේ මෙ රට ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ වළ දානවා කියන එක. හැබැයි එක රනිල්ට කරන්න බැහැ. හැබැයි ඒක කරන්න හිතෙනවා කියන්නේ බරපතළ තත්ත්වයක්. මීට විරුද්ධව අපි පාරට බහිනවා.

(චාමර පල්ලේගෙදර)

අරුණ පුවත්පත .

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?