Latestදේශීය

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම තවදුරටත් කල්යයි

විශ්වවිද්‍යාල ආචාර්යවරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සහභාගී නොවීම හේතුවෙන් එම කටයුතු අඩාල වී හේතු වූ බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ පිළිතුරු පත්‍ර ඇගයීමේදී දිනකට ලබාදෙන දීමනාව කම්කරුවෙකුගේ දෛනික වැටුප තරම්වත් නොවීමද කනගාටුදායක කරුණක් බවයි.

මේ වනතුරු පැවති සාකච්ඡා සම්බන්ධයෙන් සාධනීය තත්වයක් නොමැති වීම හේතුවෙන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු තවදුරටත් වර්ජනය කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසුවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?