Latestක්‍රීඩාදේශීය

දසිස් – රමිරු සබඳතාවයෙන් රාජකීයයන්ට විශිෂ්ඨ ජයක්

16 දින සිට කොළඹ එස්. එස්. සී ක්‍රීඩාංගනයේදී කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 144 වන නිල් මහ සටන ලකුණු 180කින් ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (18) සමත් විය.

කොළඹ රාජකීය විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමේදී ලකුණු 63 කට කඩුළු 4ක් දැවී ගියත් නායකත්වයේ ඉනිමක් ක්‍රියාත්මක කළ දසිස් මංචනායක සහ  රමිරු පෙරේරා 5වන කඩුල්ල සඳහා වාර්තාගත සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩුලු 8කට ලකුණු 326ක් ලබා ගැනීම තරගයේ විශේෂත්වය විය.

දසිස් සහ රමිරු යන දෙදෙනාම ශතක වාර්තා කළ අතර එය 2016ට පසු රාජකීය ක්‍රීඩකයන් ශතක ලබාගත් ප්‍රථම අවස්ථාව වේ.

පිළිතුරු ඉනිමේදී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 153ක් පමණයි.

කොළඹ රාජකීය විද්‍යාලය සිය දෙවන ඉනිමේදී කඩුලු 4කට ලකුණු 168ක් රැස් කර ඉනිම අත්හිටවා ලකුණු 342ක ඉලක්කයක් හඹා යාමට ශාන්ත තෝමස් විද්‍යාලයට ලබාදුන් අතර එම ඉලක්කය හඹා යාමට පන්දුවාර 95ක් තිබියදීත් ඔවුන්ට රැස් කර ගැනීමට හැකිවූයේ  ලකුණු 161ක් පමණි.

එය රාජකීය විද්‍යාලය 2016ට පසු ලබාගත් පළමු ජයග්‍රහණයයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?