Latestදේශීය

බිත්තර බෙදා හැරීම අදසිට

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර අද (29) සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේ අද සවස්වරුවේ එම බෙදාහැරීම් කටයුතු ආරම්භ කරන බවය.

ආනයනය කරන ලද බිත්තර බේකරි නිෂ්පාදකයින් අතරේ පමණක් බෙදා හැරීමට මීට පෙර තීරණය කෙරුණි.

ඒ අනුව එම බිත්තර බේකරි නිෂ්පාදකයින් සඳහා රුපියල් 35ක මුදලකට අලෙවි කරනු ඇති.

මේ අතර වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ මෙලෙස ආනයනය කරන ලද බිත්තරයක් ශීතකරණයේ දින 90ක කාලයක් කල්තබා ගත හැකි බවටය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *