Latestදේශීය

යෝෂිතගෙන් පැය 03ක් ප්‍රශ්ණ කරයි

නීති­වි­රෝධි ලෙස මෙර­ටට වාහන ආන­ය­නය කිරීමේ ජාවා­ර­මක් සම්බ­න්ධ­යෙන් සිදුකරන විම­ර්ශ­න­ය­කට අදා­ළව යෝෂිත රාජ­පක්ෂ මහ­තා­ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඊයේ (12) පැය 03ක පමණ කාල­යක් ප්‍රශ්න කර ප්‍රකාශ සට­හන් කර­ගෙන තිබේ.

මෙම වාහන ජාවා­රම සම්බ­න්ධ­යෙන් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු‍‍වකු විසින් යෝෂිත රාජ­පක්ෂ මහ­තාද ඊට සම්බන්ධ බව පවසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක සහ­කාර පොලිස් අධි­කාරි නීති­වේදී උදය කුමාර වුඩ්ලර් මහතා පැව­සීය. මෙම ප්‍රශ්න කිරීම කරනු ලැබුවේ යෝෂිත රාජ­පක්ෂ මහතාගේ සම්බ­න්ධ­යක් තිබේ­දැයි දැන ගැනී­මට සහ ඉදිරි විම­ර්ශන සඳහා බවද වුඩ්ලර් මහතා සඳ­හන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *