Latestදේශීය

ගාස්තු අය කිරීමකින් තොරව වීසා ක්‍රමයක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා .අංක 23/1885/602/023 දරන 2023.10.24 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතියට සමගාමීව සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීම සඳහා නියමු වැඩසටහනක් ලෙස දියත් කරමින්, 2024.03.31 දින දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ.
02. මෙම වීසා යෝජනා ක්‍රමය යටතේ ගාස්තු රහිත වීසා ක්‍රමවේදයක් භුක්ති විඳීම සඳහා රාජ්‍යතාන්ත්‍රික, නිල, රාජ්‍ය කටයුතු, සේවා සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමි ඉහත නම් කර ඇති රටවල ජාතිකයෝ සුදුසුකම් ලබති.
03. 2024.03.31 දින දක්වා ගාස්තු අය කිරීමකින් තොරව ලබා දීමට / නිකුත් කිරීමට යටත්ව ඉහත නම් කර ඇති ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය සඳහා ඉල්ලුම් කළ යුතුවේ.
04. මෙම ක්‍රමය යටතේ සංචාරකයන්ට දින 30 ක ගාස්තු රහිත වීසා කාලසීමාවක් භුක්ති විඳිය හැකි අතර දින 30ක් ඇතුළතදී ශ්‍රී ලංකාවට මුලින්ම පැමිණෙන දිනයේ සිට ද්විත්ව ප්‍රවේශ පහසුකම සඳහා අවසර ලබා දෙනු ලැබේ.
05. මෙම ක්‍රමය යටතේ ගාස්තු අය කිරීමකින් තොරව ලබා දෙන ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය සඳහා 2024.03.31 දින තෙක් අයදුම් කළ හැක.
06. ගාස්තු අය කිරීමකින් තොරව ලබා දෙන මෙම ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය තවදුරටත් දීර්ඝ කළ නොහැකි අතර එය දින 30 ක කාලසීමාවකට පමණක් සීමාවේ. පැමිණි දින සිට දින 30 ක කාලසීමාවක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව ලබා දෙන මෙම ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතියේ කාලසීමාව 2024.03.31 දිනෙන් පසුව අවසන් වනවිට අදාළ ගාස්තු ගෙවීමට යටත්ව වීසා දීර්ඝ කිරීමක් සඳහා අයදුම් කළ හැක.

07. මෙම සුවිශේෂී ගාස්තු රහිත වීසා ක්‍රමය ඉහත නම් කරන ලද රටවල් හත සඳහා අදාළ වන අතර අනෙක් රටවලට ශ්‍රී ලාංකේය ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතියට අදාළ වන සාමාන්‍ය නීති, රෙගුලාසි අනුගමනය කළ යුතු බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?