රටේ මූළ්‍ය අර්බුදය සහ කතානායක තර්කය
කතානායක මහින්ද යාපා අබේවර්ධන පාවිච්චි කරන මෝටර් රථය අලුත්වැඩියා කිරීම සඳහා පමණක් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට (මිලියන 25) ආසන්න මුදලක් වැයවන බව ඇස්තමේන්තු කර තිබේ.
මේ පිළිබඳව (05) දිවයින පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියකින් හෙළිකර ඇත. කතානායක මහින්ද යාපා අබේවර්ධන දිවයින පුවත්පතට ඒ බව ප්‍රකාශ කර ඇති අතර මෙවැනි ඉහළ වියදමක් දරා වාහන අලුත්වැඩියා කරනවාට වඩා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට ද තීරු බදු රහිත වාහන ලබාදිය යුතු බවට අලුත් තර්කයක් ඉදිරිපත් කර තිබේ.
මේ පිළිබඳව පක්ෂ නායක රැස්වීමේදී ඉක්මනින්ම යෝජනා කරනු ඇති බවත් මැති ඇමතිවරුන්ට අමතරව තමාට ද අලුත් වාහනයක් ලබා ගැනීම සුදුසු ක්‍රියාවක් යැයි හැඟී යන බව එම පුවත්පතට කතානායකවරයා පවසා තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

