Latestදේශීය

රනිල්ගේ මැතිවරණ ව්‍යාපෘතිය දිනේෂ්ගේ කරට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දියත් කර ඇති ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සියල්ල පිළිබඳ ඍජු වගකීම අගමැති දිනේෂ් ගුණවර්ධන මත පැටවීමට ක්‍රියා කර තිබේ.

මේ වෙනුවෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් යුතුව පසුගිය 29 වෙනි දින නිකුත් කරන ලද නිල නිවේදනයකින් “පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශන කමිටු පත් කිරීම“ යනුවෙන් නව උපක්‍රමයක් දියත් කර තිබේ. මෙම ප්‍රජා උපදේශන කමිටු වශයෙන් හඳුන්වන කමිටු පිහිටුවීම සහ මෙහෙයවීම ඍජුවම අගැමති දිනේෂ් ගුණවර්ධන යටතට පවරා තිබේ.

එහෙත් එම ඊනියා කමිටු මගින් ක්‍රියාත්මක කිරීමට අදාළ විෂය පඨය රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සීමා කර තිබේ. වසරක් බල පැවැත්වෙන පරිදි එම කමිටු පිහිටුවීම ද විශේෂත්වයකි.

අදාළ කමිටු වෙත රනිල් වික්‍රමසිංහගේ උරුමය, නාගරික නිවාසවල අයිතිය ලබා දීම, කඳුකර දශකය, කෘෂිකර්ම නවීකරණ සහ සහල් කිලෝ 20ක් බෙදා දීම යන ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවීම සහ අධීක්ෂණය පවරා ඇත.

ඊට අමතරව, පළාත් පාලන ආයතන මගින් මෙම වසර අවසන්වීමට පෙර ක්‍රියාත්මක කළ යුතු රුපියල් කෝටියක සංවර්ධන කටයුතු නමින් හඳුන්වන ප්‍රචාරක ව්‍යාපරය අධීක්ෂණය ද අගමැති දිනේෂ් ගුණවර්ධනට ලබාදී ඇත. ජනාධිපති ලේකම් නිකුත් කර තිබෙන මෙම නිල චක්‍ර ලේඛය මගින් ආවරණය කර තිබෙන්නේ මේ වනවිට රනිල් වික්‍රමසිංහ දියත් කර ඇති ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල මූලිකාංග පමණක් වේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?