Latestදේශීය

සිසුසැරියට තවත් බස් 500ක් – බන්දුල ගුණවර්ධන

ලබන වසරේ සිසුසැරිය සඳහා බස්රථ 500 ක් වැඩි කර , සිසුසැරිය බස්රථ 2,000  දක්වා වැඩි කිරීමට පියවර ගන්නා  බවත්, මේ සම්බන්ධව  තමා ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡාවක් පැවැත් වූ බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැඟු පැනයකට පිලිතුරු වශයෙන් ඒ මහතා මේ බව ප්‍රකාශ කලේය.

මේ වන විට සිය අමාත්‍යංශය ඉතා විශාල සහනාධාර පිරිවැයක් පාසල් සිසුන්ගේ සීසන් ටිකට් පත වෙනුවෙන් හා සිසු සැරිය වෙනුවෙන් දරණ බවත්, සිසු සැරිය බස්රථ 1,500 ක් දිවයින පුරා මේ වන විට ධාවනය වෙන අතර ඒ බස්රථ වලට ගෙවීමට භාණ්ඩාගාරය 2024 වසරට රුපියල් මිලියන 2,000 ක මුදලක් ලබා දී තිබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

මෑත කාලයේ මිල ඉහළ යාම් සහ අනිකුත් කරුණු පදනම් කරගෙන විශාල පාසල් ප්‍රමාණයක් විසින් කෙසේ හෝ සිසු සැරිය බස්රථ ඈත දුෂ්කර පළාත්වලට ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබෙන බව ද, මේ පිළිබඳව තමන් විසින් ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබෙන බවත් හෙතෙම මෙහි දී පැවසීය.

ඒ අනුව, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට සිටින ප්‍රාදේශීය සංවර්ධන කමිටු නිළධාරීන් මේ පිළිබඳව යෝජනාව එවුවහොත් ලබන පාසල් වාරයේ සිටම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙක් සකස් කළ හැකි බව ද හෙතෙම පැවසිය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *