අමිල මල්ලි එහෙමනම් නාමල් අයියා කොහොම ද?
සමගි ජන බලවේගයේ මැතිවරණ සඳහා ඉදිරිපත් වී ඡන්ද 21000ක් දිනා ගත් බවට ප්‍රචාරය කළ `අමිල මල්ලී` හෙවත් නිර්මාල් ප්‍රනාන්දු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ වේදිකාවට නැග පැය 24ක් ගත වීමටත් පෙර පාපෝච්චාරණයක් සිදුකර තිබේ.
මාධ්‍ය හමුවක් පවත්වමින් නිර්මාල් ප්‍රනාන්දු ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 24 වැනි දින පානදුරේදී පවත්වන ලද නාමල් රාජපක්ෂගේ ජන හමුවට එක් වූයේ මන්දැයි සිතා ගත නොහැකි බවයි. තමන් හදිසි තීරණයක් ගත් බවත්, ඒ සම්බන්ධයෙන් කනගාටුවට පත්වෙන බවත් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා ඇත.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ සමගි ජන බලවේගය පක්ෂය ආරම්භ කළ අවස්ථාවේ සිට කළුතර දිස්ත්‍රික්කයේ තරුණ කටයුතු ලේකම්වරයා වශයෙන් ක්‍රියා කළ බවය. එහෙත් උඩින් පාත්වූ බලවතුන්ගේ ක්‍රියාකාරකම් නිසා කලකිරීමට පත්ව සිටින බවද ප්‍රකාශ කර ඇත. මොහු නාමල් රාජපක්ෂගේ වේදිකාවට ගොඩවූ සැනින් ඒ පිළිබඳව සොයා බැලූ විශ්ලේෂකයන් කරුණු හෙළිකර තිබෙන්නේ මොහු මැතිවරණයකට ඉදිරපත් නොවූ බවත්, ඔහුගේ මව පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වී ඡන්ද 63ක් පමණක් ලබාගත් බවත්ය.
නාමල් රාජපක්ෂ සහ පොහොට්ටු පක්ෂයේ මහා ලේකම් නීතිඥ සාගර කාරියවසම් ඇතුළු පිරිසක් අමිල මල්ලීව ඉහළින්ම පිළිගනු ලැබීය. කිසිදු වගවිභාගයකින් තොරව මෙවැනි පුද්ගලයන් එම පක්ෂයට එක්කර ගැනීමට තරම් රාජපක්ෂ පවුලේ දේශපාලනය අන්තයටම කඩා ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

