ග්‍රාම නිලධාරීන් ඉතිහාසයේ පළමු වරට (තෙදින) වෘත්තීය ක්‍රියාමාර්ගයක
ග්‍රාම නිලධාරී පත්වීම් ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විවිධ චිත්තාකර්ශනීය කතා පැවැත්වුවද මේ වනවිට එම සේවාව තුළ පවතින දැඩි ගැටළු විසඳා ගැනීම සඳහා ඉතිහාසයේ පළමු වරට තෙදින වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
ඒකාබද්ධ ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය විසින් 14 සිට 15 සහ 16 යන තෙදින පුරා අඛණ්ඩව අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කර ඇත. මෙයට ප්‍රථම පසුගිය 6 සහ 7 දෙදින තුළ ද අසනීම නිවාඩු වාර්තා කරමින් ආණ්ඩුව සමඟ තම වෘත්තීය ගැටළු විසඳා ගැනීමට මූලික ප්‍රයත්නයක් දරනු ලැබීය. එයට කිසිසේත් ආණ්ඩුව අනුකූලතාවයක් නොදැක්වීම නිසා මෙම තෙදින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් සිටී.
මේ අතර පසුගිය සතියේ නව ග්‍රාම නිලධාරීන් 2,100ක් බඳවා ගැනීමේ උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් සක්‍රීයව දායක වන්න යැයි ඉල්ලීමක් ද කර තිබිණි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

