උතුරු කොරියාවේ ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකාවේ අවධානය
බෝම්බ හෙලීමේ යානා සහ ප්‍රහාරක ජෙට් යානා යොදාගෙන සිදුකෙරුණු ඒකාබද්ධ යුද අභ්‍යාසයක් දකුණු කොරියාවේදී පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, අමෙරිකාව, ජපානය සහ දකුණු කොරියාවේ සහභාගීත්වයෙනි.
අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා පිළිබඳව පසුගිය දිනවල ලොව පුරා විශාල කතාබහක් ඇතිවුණි.
ඒ ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම අතරතුර ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකාව B2 වර්ගයේ අති ප්‍රබල බෝම්බ හෙලීමේ යානා යොදා ගැනීමත් සමඟය.
ඒ හා සමාන බෝම්බ හෙලීමේ යානා සහ ප්‍රහාරක ජෙට් යානා යොදාගෙන සිදුකෙරුණු ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පිලිබඳව මෙලෙස ඊයේ දකුණු කොරියාවෙන් වාර්තා වුණි.
ඒ සඳහා අමෙරිකාව සතු B-52 වර්ගයේ බෝම්බ හෙලීමේ යානා සම්බන්ධවී තිබීම විශේෂත්වයකි.
එම රටවල් තුනේ ආරක්ෂක ප්‍රධානීන් පවත්වන වාර්ෂික හමුවීම දකුණු කොරියාවේ සෝල් අගනුවර ඊයේ පැවැත්වුණු අතර එයට සමගාමීව මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය පැවැත්වුණි.
ඉන්දු පැසිෆික් කලාපයට උතුරු කොරියාවෙන් එල්ල විය හැකි ආරක්ෂක තර්ජන පිළිබඳව සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

