Latestදේශීය

ආන්ඩුවට ඕනෑ විධියට විපක්ෂය ප්‍රශ්ණ අහන්නේ නැහැ – සජිත් ප්‍රේමදාස

ආණ්ඩු­වට හෝ සභා­නා­ය­ක­ව­ර­යාට අවශ්‍ය ලෙස විප­ක්ෂය ප්‍රශ්න නොඅ­සන බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පසුගිය දා (22) පාර්ලි­මේ­න්තු­වේදී පැව­සීය.

2027 අය-වැයට පෙර 2026 ප්‍රග­තිය ඉදි­රි­පත් කරන ලෙසත්, ඒවාට උත්තර නොමැ­තිව 2027 අය-වැය කතාව කළ නොහැකි බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සු­වේය.

2026 අය-වැය ප්‍රග­තිය ඉදි­රි­පත් නොකර 2027ට අය-වැයක් ඉදි­රි­පත් කරන්නේ කෙසේද යන්න සම්බ­න්ධ­යෙන් 27 (2) යටතේ ප්‍රශ්න කර­මින් ඒ මහතා මේ බව කියා සිටි­යේය.

තවත් සති 3කින් 2027 අය-වැය ඉදි­රි­පත් වන බවත්, අය-වැය යෝජනා සඳහා ප්‍රති­පා­දන වෙන් කිරී­මෙන් පම­ණක් අපේ­ක්ෂිත සංව­ර්ධන හා ආර්ථික අර­මුණු සාක්ෂාත් කර ගත නොහැකි අතර, යෝජනා ඵල­දායී ලෙස ක්‍රියා­ත්මක කර­මින් මහ­ජන මුද­ල්ව­ලට සරි­ලන ප්‍රති­ඵල අත්කර ගැනීම රජයේ වග­කී­මක් බවත් ඒ මහතා අව­ධා­ර­ණය කළේය.

2027 අය-වැය නොවැ­ම්බර් 12 වැනිදා ඉදි­රි­පත් කරන නිසා 2026 අය-වැය යෝජ­නා­ව­ලට අදාළ ප්‍රග­තිය ඉදි­රි­පත් කළ යුතු බවත්, 2026 සැප්තැ­ම්බර් 30 දින වන විට එක් එක් අමා­ත්‍යාංශ යටතේ ප්‍රති­පා­දන අතු­රින් වැය කර ඇති මුදල, වෙන් කර ඇති මුදල සහ ඉතිරි මුද­ලත්, මේ කාලයේ අදාළ විය­ද­ම්ව­ලට සාපේ­ක්ෂව අත්කර ගෙන ඇති මුල්‍ය හා භෞතික ප්‍රග­තිය ඉදි­රි­පත් කරන ලෙසත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.

2026 වසර තුළ සෘජු විදේශ ආයෝ­ජන ආක­ර්ෂ­ණය කර ගැනී­මට ගෙන ඇති වැඩ­ස­ට­හන් හා ප්‍රති­ප­ත්ති­මය ක්‍රියා­මාර්ග සේම, 2026 වසරේ ඍජු විදේශ ආයෝ­ජන ඉල­ක්ක­යත්, සැප්තැ­ම්බර් 30 වන විට සැබෑ ලෙසම ලැබුණු ඍජු විදේශ ආයෝ­ජන ප්‍රමා­ණ­යත්, මෙහි ප්‍රධාන ආර්ථික අංශ හා මූලාශ්‍ර රට­වල් ද ඉදි­රි­පත් කරන ලෙස විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.

රජය සතු ව්‍යාපා­රික ආය­තන සංඛ්‍යාව හා 2026 වසරේ පළමු කාර්තු 3 තුළ එම ආය­තන අත්කර ගත් ලාභ හෝ අලා­භත්, අලාභ ලබන ආය­තන සඳහා අලාභ පියවා ගැනී­මට හා මූල්‍ය කාර්ය සාධ­නය වැඩි කර ගැනී­මට ගෙන ඇති පිය­ව­රත්, එම ආය­තන සඳහා 2027 වස­රේදී රජයේ අය-­වැ­යෙන් ප්‍රති­පා­දන වෙන් කරන්නේ නම් එකී ප්‍රති­පා­ද­න­වල ඇස්ත­මේ­න්තු­ගත ප්‍රමාණ හා අර­මුණු කල් නොදමා ඉදි­රි­පත් කරන ලෙසද විපක්ෂ නාය­ක­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *