සජිත් බයනම් අනුර සමග විවාදයට මම සූදානම් – රනිල් වික්‍රමසිංහ
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා කළ විවාද අභියෝගය සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පිළිගත යුතුව තිබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මැයි 20 වැනිදා එම අභියෝගයේ අවසන් දිනය ලෙස අනුර දිසානායක මහතා නියම කර ඇතත් සජිත් ප්‍රේමදාස මහතා විසින් එය පිළිගෙන නැති බවත් ඔහු එය පිළිගෙන විවාදයට මුහුණ දිය යුතුව තිබූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් තමන් ඕනෑම කෙනකු සමග විවාද කිරීමට සූදානම් බවද පැවසූ ජනාධිපතිවරයා තමන් පාර්ලිමේන්තුවේ නිතර සිටින බවත් ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවට පැමිණ තමන් සමඟ වාද කළ හැකි බවත් තව දුරටත් කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

