Latestදේශීය

සජිත් විවාදයට එන්නේ නැහැ

සමගි ජන බලවේගගේ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සමඟ යෝජිත විවාදයට ඉදිරිපත් නොවන බව තහවුරු කෙරෙන ප්‍රකාශයක් එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න සිදු කර තිබේ.

මෙම සති අන්තයේ සිළුමිණ පුවත්පත ඔහු සමඟ කළ සාකච්ඡාවකදී මෙම ප්‍රකාශය කර ඇත.

එම ප්‍රකාශය පහත දැක්වේ.

“ජනාධිපති අපේක්ෂකයෝ අතර විවාදයක් තියන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකයෝ කවුරුන්ද යන්න තීරණය වූ පසුවයි. ඕනෑම රටක මෙවැනි විවාද තියෙනවා. මැතිවරණ ප්‍රකාශන හා ජනාධිපතිවරණ අපේක්ෂකයෝ කවුරුන්ද යන්න තීරණය වූ පසුවයි ඒවා තියන්නේ.“ යනුවෙන් කර තිබෙන එම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ද අවිනිශ්චිතතාවයක් පවතින බව ය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?