Latestවිදේශීය

ඉරානයේ දින 5ක ශෝක කාලයක්

ඉරානය තුළ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට උත්තරීතර නායකයා වන අයතොල්ලා අලි ඛමෙනී විසින් මෙම ශෝක කාලය නිකුත් කර ඇත

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහි ඇතුළු කණ්ඩායමේ වියෝව සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 131 වැනි වගන්තියට ප්‍රකාරව නියෝජ්‍ය ජනාධිපති මොහොමඩ් මුකර් පත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වෙයි

දින 50ක් ඇතුළත නව ජනාධිපතිවරයෙකු පත් කරගන්නා ලෙසට අයතොල්ලා අලි ඛමෙනී විසින් උපදෙස් ලබා දී ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *