Latestදේශීය

මිල්කෝ නිෂ්පාදන ධාරිතාව ඉහළට

මිල්කෝ සමාගම විසින් දෛනිකව තම නිෂ්පාදන සඳහා යොදාගන්නා ලද දියර කිරි ප්‍රමාණය පසුගිය කාලයේ පැවැති පරිපාලනමය දුර්වලතා හේතුවෙන් කිරි ලීටර් 65,000 දක්වා පහත වැටී තිබිනි.

සාමාන්‍යයෙන් මෙම සමාගමේ දෛනික දියර කිරි ඉළක්කය ලීටර් 120,000කි. මෙම ප්‍රමාණය සියයට 50කින් අඩු වී තිබු අතර එම සමාගමේ පැවැති පරිපාලනමය ගැටළු විසඳීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගත්තේය.

ඒ අනුව මේ වනවිට දෛනිකව කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නා දියර කිරි ප්‍රමාණය ලීටර් 140,000 ඉක්මවීමට එම සමාගමට හැකි වී ඇතැයි මිල්කෝ සමාගමේ නව සභාපති ඉන්දික ගුරුගේ මහතා පවසයි.

ඉන්දික ගුරුගේ මහතා විසින් මිල්කෝ සමාගමේ නිෂ්පාදන ධාරිතාවය ඉහළ යාම පිළිබඳ වාර්තාවක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දී ඇත.

ඒ අනුව මේ වනවිට මිල්කෝ සමාගම විසින් නිපදවන හයිලන්ඩ් කිරි පිටි මෙට්‍රික් ටොන් 80ක් ගබඩා සතුව ඇත. පසුගිය කාලය තුළ මිල්කෝ සමාගමේ කිරි පිටි නිෂ්පාදනය මුළුමනින්ම නැවතී තිබිනි.

මේ වනවිට හයිලන්ඩ් අයිස්ක්‍රීම් හා යෝගට් නිෂ්පාදන ධාරිතාවය ද ඉහළ නංවා තිබේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?